ශ්‍රී ලාංකීය ඉතිහාසයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයක්

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයක් ඇති වනු ඇතැයි මේ වන විට පුරෝකථනය කර තිබෙනවා.

කෙසේ වෙතත් බොහෝ දෙනා මෙය 2016 වසරේ ගංවතුර සමඟ සසඳමින්, “තාම වතුර නෑ” යැයි පවසන බවක් දක්නට ලැබෙනවා.

නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, අප ඉදිරියේ ඇත්තේ 2016 ට වඩා බිහිසුණු අනතුරක් බවයි.

2016 මැයි මාසයේදී ඇති වූ ගංවතුර ඇති වු අවස්ථාවේදී වැස්ස ලැබුණේ හංවැල්ල සහ කොළඹට පමණයි.

ගඟේ ඉහළින් ආ ජල කඳ අඩු ප්‍රමාණයක්.

එදා ග්ලෙන්කෝස් මාපකය සටහන් වූයේ මීටර් 16.70 ක් ලෙස පමණයි.

නමුත් මෙවර කිතුල්ගල, දැරණියගල සහ ලක්ෂපාන යන ඉහළ කඳුකරයට මිලිමීටර් 300-400 ක අති විශාල වර්ෂාවක් ලැබී තිබෙනවා.

අද පෙරවරු 9 වන විට ග්ලෙන්කෝස් මාපකය මීටර් 21.39ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ජල කඳ තවමත් කොළඹට ළඟා වී නැහැ.

නමුත් ඊට පහළින් ඇති හංවැල්ල මාපකය අද පෙරවරු 9 වන විට මීටර් 10.6ක් ලෙස මහ ගංවතුර මට්ටම වන මීටර් 10 ඉක්මවා ගොස් තිබෙනවා.

ජල මට්ටම පෙර පැයට සාපේක්ෂව වැඩි වී ති⁣බීම ජල කඳ පහළට පැමිණෙමින් තිබෙන බවට සාක්ෂියක්.

ඒ අනුව කොළඹ නගලගම් වීදියේ ජල මාපකය අද පෙරවරු 9 වන විට අඩි 6.20 ක් වැනි අගයක් පෙන්නුම් කළා.

එය දැනටමත් සුලු ගංවතුර මට්ටම ඉක්මවා යෑමක්.

නගලගම් වීදියේ ජල මාපකයේ මහ ගංවතුර මට්ටම අඩි 7ක්.

අවිස්සාවේල්ලෙන් පහළට එන අතිරික්ත ජල කඳ සහ පසුගිය වසර 10 තුළ කොළොන්නාව අවට සිදුවූ ඉඩම් ගොඩකිරීම් යන සාධක දෙක එකතු වූ විට නාගලගම් වීදිය මාපකය අඩි 9.25 සිට අඩි 9.75 දක්වා ඉහළ යාමේ දැඩි අවදානමක් තිබෙනවාග

එය 2016 වසරේ ඔබේ නිවසට ජලය පැමිණි මට්ටමට වඩා, මෙවර අඩි එකහාමාරක හෝ අඩි දෙකක වැඩිපුර ජල මට්ටමක්.

මෙ වන විට කෙළෙඹට වැස්ස අඩු වුවද, ගංවතුර අඩු නොවේ.

මක් නිසාද යත් ඉහළ කඳුකරයෙන් ගලා එන ජලය කොළඹට පැමිණීමට යම් ගතවන බැවිනුයි.

එමෙන්ම ගංවතුර බැස යාම සහ සාමාන්‍ය තත්ත්වයට පත්වීම සැලකීමේදී
කැලණි ගඟේ පහළ නිම්නය යනු ඉතා සෙමින් ජලය බැස යන ප්‍රදේශයක්.

වත්මන් දත්ත අනුව ගංවතුර බැස යාමේ කාලසටහන පහත පරිදි අනුමාන කළ හැක:

ඒ අනුව අද පස්වරුව හෝ රාත්‍රී කාලයේදී කොළොන්නාව සහ තදාසන්න ප්‍රදේශ උපරිම ජල මට්ටමට ළඟා වනු ඇති.

එබැවින්, “ගිය පාර වතුර ආවේ නෑ” කියන මතකයේ එල්බගෙන නොසිටින්න යැයි අපි ගඟ දෙපස පදිංචි ජනතාවගෙන් ⁣ඉල්ලා සි⁣ටිනවා.

මෙම මොහොත, ඔබගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලැබෙන අවසන් ස්වර්ණමය පැය කිහිපයයි.

මේ වන විටත් මාර්ග රැසක් ජලයෙන් යටවී අවසන්.

වහාම ඉවත් වන්න. ආරක්ෂිත ස්ථාන කරා යන්න. දේපලවලට වඩා ජීවිතය වටිනා බව සිතන්න.

Share