ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රී ලංකන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගණේගොඩ මහතා හෙට සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ස්ථිර සභාපතිවරයෙකු පත් කරන තෙක්, අදාළ තනතුරේ වැඩබලන සභාපතිවරයා ලෙස ඒ. කේ. ඩී. ඩී. ඩිමාල් අරන්දර මහතා කටයුතු කරනු ඇති.
එමෙන්ම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රී ලංකන් කේටරින් යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ රොහාන් ගුණතිලක මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.





