ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙක් මෙන්ම පරිපාලකයෙක් ද වන ඩී එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1982 දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ භාග්‍යය හිමි කර ගත් ඩී එස් ද සිල්වා 2009 සිට 2011 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය ද හෙබවූවා.
මිය යන විට 83 වන වියේ පසු වූ ඔහු ලන්ඩනයේදී මිය ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පැවසුවා.
වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක දිවියෙන් අනතුරුව ඔහු, පුහුණුකරුවෙකු, කණ්ඩායම් කළමනාකරුවෙකු සහ ජාතික තේරීම්කරුවෙකු ඇතුළු විවිධ තනතුරු දරමින් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් ඉටු කළා.





