වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඊයේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරගයෙන් කඩුළු 2ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ අපරාජිතවයි.
ඩුබායී හීදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
පන්දුවාර 49යි පන්දු 5ක් තුළදී සියලු දෙනා දැවී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 235ක් පමණයි.
ඇෆ්ගනිස්ථාන ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ඔස්මාන් සදාත් පන්දු 87ක් තුළදී ලකුණු 52ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී සෙත්මික සෙනවිරත්න සහ දුල්නිත් සිගේරා අතරේ කඩුළු 3 බැගින් බෙදී ගියා.
ලකුණු 236ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩයන්, පන්දුවාර 49යි පන්දු 2ක් තුළදී කඩුළු 8ක් දැවී ජයග්‍රාහී කඩයිම පසු කිරීමට සමත් වුණා.
විරාන් චමුදිත ලකුණු 62යි.
ඔහුගේ ඉණිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 3කින් වර්ණවත් වුණා.
පන්දු යැවීමේදී නූරිස්ථානි ඕමාර්සායි කඩුළු 3ක් දවා ගත්තා
මෙම තරග ජයත් සමග B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ තවත් තරගයක් ඉතිරිව තිබියදීයි.
මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන අවසන් තරගය බංග්ලාදේශය සමග හෙට පැවැත්වෙනවා.





