ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු ගේ අවසන් කටයුතු අද ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී

ශ්‍රී ලංකා 19 පහළ ජාතික ක්‍රිකට් කණ්ඩයම නියෝජනය කළ සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කළ අභාවප්‍රාප්ත අක්ෂු ප්‍රනාන්දු ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.
භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, ධනුෂ්ක ගුණතිලක සමඟ 2010 වසරේ පැවති 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ අක්ෂු ප්‍රනාන්දු අර්ධ ශතකයක් සමග ලකුණු 143ක් රැස් කළා.
ගල්කිස්ස වෙරළ තීරයේ පැවති පුහුණු සැසියක් අවසන්ව පැමිණෙන අතරතුර ගල්කිස්ස දුම්රිය මාර්ගයේ දී සිදු වූ අනතුරකින් පසු 2018 වසරේ සිට කෝමා තත්ත්වයක සිටි අක්ෂු ඊයේ දිවි ගමනට සමු දෙන විට 34 හැවිරිදි වියේ පසු වුණා.

Share