ගූගල් වෙතින් පැරණි අන්තර්ජාල ප්රවෘත්ති වාර්තාවල සබැඳි ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වන ඒ. එච්. එම්. ඩී. නවාස්, කර්ණාටක මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරනවා.
මහාධිකරණය පෙත්සම විභාගයට අවසර දෙමින්, විනිසුරු නවාස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම් දුන්නේ නඩුවට අදාළ ශ්‍රී ලංකා පුවත් ආයතනවලට විද්‍යුත් තැපෑල හරහා නොතීසි නිකුත් කරන ලෙසයි.
ද හින්දු පුවත්පත වාර්තා කරන පරිදි, මීට පෙර කිසිදිනෙක වාර්තා නොවූ පරිදි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්, 2015 සහ 2020 අතර කාලයේ දී ශ්‍රී ලංකා පුවත් වෙබ්අඩවි වන, එනම් කලම්බු ටෙලිග්රාෆ් සහ ලංකා ඊ නිව්ස් විසින් තමාට එරෙහිව ප්‍රකාශයට පත් කරන ලද පැරණි අපහාසාත්මක ප්රවෘත්ති වාර්තාවල සබැඳි ඉවත් කරන ලෙස ගූගල් ඉන්දියාවට නියෝගයක් ඉල්ලා කර්නාටක මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
බ්‍රහස්පතින්දා පෙත්සම විභාගයට ගත් මහාධිකරණයේ විනිසුරු සචින් ශංකර් මගදම්, ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට සහ ගූගල් වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළ අතර වැඩිදුර විභාගය මාර්තු 16 දක්වා කල් තැබුවා.
මේ අතර, මහාධිකරණය විනිසුරු නවාස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් ශ්‍රී ලංකා පුවත් ආයතනවලට විද්‍යුත් තැපෑල හරහා නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.
මෙම පෙත්සම 2025 ජනවාරි මාසයේදී මහාධිකරණ ලේඛනාගාරයට ගොනු කර තිබුණද, එය විභාගය සඳහා ඉදිරිපත් කර තිබුණේ බ්‍රහස්පතින්දායි.
මෙම අපහාසාත්මක පුවත් වාර්තා ප්‍රකාශයට පත් කරන විට ඔහු ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වූ බවත්, පසුව ඔහු සම්බන්ධ යැයි කියන මතභේදයන්ට අදාළ නඩු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.
නඩු අවලංගු කිරීමෙන් පසු, ඔහු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස තේරී පත් වූ අතර, ඔහු අදටත් එහි සේවය කරන බව පෙත්සමේ සඳහන්.
නඩුව අවලංගු කළද, ඔහු ගැන සඳහන් කරන පැරණි අපහාසාත්මක පුවත් වාර්තා ගූගල් සබැඳි හරහා ශ්‍රී ලංකාවෙන් ඔබ්බෙන් ජනතාවට තවමත් ලබා ගත හැකි බව පෙත්සමින් පෙන්වා දෙනවා.
පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දෘ ඇත්තේ විනිසුරු නවාස් සාර්ක් රටවල් තුළ ගෞරවනීය විද්‍යාල කිහිපයක බාහිර සම්පත්දායකයෙකු වන බැවින්, මෙම ප්රවෘත්ති වාර්තා මහජන අවකාශය තුළ අඛණ්ඩව පැවතීම ඔහුගේ වෘත්තීය ජීවිතයට පමණක් නොව, අධ්‍යයන හා නීති ප්‍රජාවන් තුළ ඔහුගේ කීර්ති නාමයට ද හානි කරන බවයි.
‘තමන්ගේම නඩුවේදී විනිශ්චයකරුවෙකු විය නොහැක’ යන හොඳින් ස්ථාපිත නීතිමය මූලධර්මයට පටහැනි වන බැවින්, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස, විනිසුරු නවාස් මහතාට ශ්‍රී ලංකාවේ මෙම අපහාසාත්මක ලිපි සම්බන්ධයෙන් නඩු පැවරීම සදාචාරාත්මකව තහනම් කර ඇති බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
“ඉන්දියාවට අසමසම ශක්තියක් සහ අඛණ්ඩතාවයක් ඇති අධිකරණයක් ඇත, එය නොසැලෙන කැපවීමකින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරයි. මේ සම්බන්ධයෙන්, පෙත්සම්කරු තම අධිකරණ බලය ඉල්ලා සිටින අතර, ජාතිකත්වය නොසලකා සැමට යුක්තිය ආරක්ෂා කරන අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසයෙන්, මෙම නඩුව ගොනු කර ඇත,” යනුවෙන් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
ගූගල් ඉන්දියා මූලස්ථානය බැංගලෝරයේ පිහිටා තිබීම නිසා ඔහු කර්ණාටක මහාධිකරණය තෝරා ගැනීමට හේතුව වූ බව පෙත්සමෙහි සඳහන්.
පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට ඇති අයිතියට බලපාන යල් පැන ගිය අන්තර්ගතයන් අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීමේදී විනිසුරු නවාස් මහතා අන්තර්ජාල යුගයේ ‘අමතක වීමට ඇති අයිතිය’ පිළිබඳ දිල්ලි මහාධිකරණයේ තීන්දුව මත ද විශ්වාසය තබා තිබෙනවා.





