ශ්‍රී ලංකා – නවසීලන්ත තරගය අද

මේ අතර t20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
පසුගිය තරගයේදී එංගලන්තය හමුවේ ලකුණු 51 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට, අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් අද තරගයේ ජයග්‍රහණය අත්‍යවශයි.
අනෙක් පසින් පාකිස්ථානය සමඟ පැවැති පළමු තරගය වර්ෂාව නිසා අතහැර දැමීම හේතුවෙන් නවසීලන්තයට ද මෙම තරගය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට ඉතා වැදගත්.
දෙරට අතර පැවැති විස්සයි-20 තරග ඉතිහාසය දෙස බැලීමේදී නවසීලන්තය ජයග්‍රහණ 16 ක් ලබා පෙරමුණේ පසුවන අතර, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 9 ක් පමණයි.

Share