ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් රැසක්

ගුවන් හමුදාවේ 75 වෙනි සංවත්සරය අභිමානවත්ව සැමරීම ගුවන් හමුදා ප්‍රදර්ශණයක් හා ගුවන් යානා සංදර්ශනයක් ඇතුලු වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා..
ඊට සමගාමීව පාපැදි තරඟ, සංගීත සංදර්ශනයක් මෙන්ම ගොල්ෆ් ශූරතාවයලියක්ද පැවැත්වීමට නියමිත බවයු ගුවන් හමුදාව සඳහන් කළේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මේ තොරතුරු සඳහන් කළා. ගුවන් හමුදාවේ 75 වෙනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් පිළිබදව දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට අමතරව ගුවන් හමුදා පා පැදි සවාරිය, 75 වෙනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන සංගීත සංදර්ශණය, ගොල්ෆ් තරගාවලිය පිළිබඳව ද මෙහි දී මාධ්‍ය දැනුවත් කළා.

Share