ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචරයේ දෙවැනි එක්දින තරගය ඊයේ පැවැත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 208ක් රැස් කළා.
කොදෙව් ක්‍රීඩිකාවන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.
කොදෙව් පිළිතුරු ඉනිමේ දී ඩියැන්ඩාර් ඩොටින් පන්දු රැකීමට බාධා කිරීමේ වරදට දැවී යෑම විශේෂත්වයක් වුණා.
ඒ අනුව ලකුණු 14කින් තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලිය ජය ගත්තා.





