ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන විස්ස තරගාවලියේ දෙවන තරගය විශාකාපට්නම් හිදී

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය විශාකාපට්නම් හිදී මෙරට වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වනවා.
තරගාවලියේ පළමු තරගය කඩුලු 8කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
මෙම තරගාවලිය ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස පැවැත්වෙන අතර, දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයටත් ක්‍රීඩා කරන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

Share