ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
සෙසු සාමාජිකයින් ලෙස හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන්, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන යන අය පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව නැවත ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කිරීමට යෝජනා වී ඇත්තේ උපුල් තරංග සභාපති ධුරය හෙබවු ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ නිල කාලය අවසන් විම හේතුවෙන්.





