ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් තමන්ගේ භූමිකාව නිසි පරිදි ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව නායක දසුන් ශානක පවසනවා.
පසුගිය කාලයේ මැද පෙළ අසාර්ථක වීම තණතීරුවට ලඝු කළ දසුන් සඳහන් කළේ අයිසීසී නිර්ණායක අනුව සැකසෙන ලෝක කුසලාන තණතීරුවල ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳින් ලකුණු අතරට පැමිණෙනු ඇති බවයි.
නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි. මේ අතර එංගලන්තය සමග අවසන් T20 තරගයේ දී ආබාධයට ලක් වූ එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට අයිසීසී තාක්ෂණික කමිටුවේ අවසරය හිමි වුණා. ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය හෙට පස්වරු 7ට ආරම්භ වනවා.
දෙරට අතර මේ දක්වා T20 තරග 03 ක් පවත්වා ඇති අතර ඒ සියලු තරග ලෝක කුසලාන තරග වන අතර එම තරග තුනම ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.
දෙරට අතර ශ්‍රී ලංකාවේ දී T20 තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.
කාලගුණ අනාවැකියට අනුව හෙට දිනයේ දී තරගයට වර්ෂාවෙන් බාධාවක් එල්ල වීමේ අවදානමක් නොමැති අතර රාත්‍රි කාලයේ පිනි සහිත ස්වභාවයක් ද නොතිබෙනු ඇතැයි සඳහන්.





