ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට පස්වරු 3.00ට පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්රීඩාංගණයේදී ආරම්භ වනවා.
හෙට ආරම්භවන තරගය සඳහා එහිගොස් සිටින ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ පුහුණු සැසියකට එක් වුනා.
මේ අතර පාකිස්ථානයේ සුපිරි පිතිකරුවකු වන හසන් නවාස් ශ්රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තුන්කොන් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
ඒ පසුගිය කාළය තුළ විස්සයි විස්ස තරගවලදී නවාස් ප්රදර්ශනය කළ දුර්වල පිතිකරණය හේතුවෙන් බවයි පකිස්තාන ක්රිකට් ආයතනය පවසන්නේ.
එක්දින තරගාවලිය සඳහා ඔහු වෙනුවට වෙනත් ක්රීඩකයකු ආදේශ කර නොමැති අතර විස්සයි විස්ස සංචිතය සඳහා ෆකර් සමාන් නැවත කැඳවා තිබෙනවා.
දෙරට එක්දින තරගාවලි 20ක දී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරගාවලි 13ක් පකිස්ථානය ජය ගෙන තිබෙනවා.
එක් තරගාවලියක් ජය පරාජයකින් තොරව අවසන් වී ඇති අතර ශ්රී ලංකාව ජය ගෙන ඇත්තේ ඉන් තරගාවලි 6ක් පමණයි.
මෙවර තරගාවලියේ දේශීය විකාශන අයිතිය ටී.වී සුප්රීම් නාළිකාවට හිමිවී ඇති අතර නාළිකාවේ නිදහස් සංඛ්යාත UHF 47 ඔස්සේ මුළු දිවයිනම ආවරණය කර තිබෙනවා.
ඊට අමතරව free sat ඔස්සේ ද, ශ්රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ සියළු අවස්ථා ඔබව නැරඹිමේ අවස්ථාව හිමිවනවා.
මීට අමතරව www.Sandbriks.com (සැන්ඩ්බ්රික්ස්) වෙබ් අඩවියට පිවිසීමෙන්ද කිසිදු අමතර ගාස්තුවකින් තොරව තරගාවලිය නැරඹීමට හැකියි.





