ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියේ ඉතිහාසය හා සම්බන්ධ දත්ත මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ සාමය සඳහා කරන ලද ආණ්ඩු ගණනාවක් අනුගමනය කළ ප්‍රයත්නයන් හි සවිස්තරාත්මක තොරතුරු සහිත ඒකකයක්, පාත්ෆයින්ඩර් පදනමට අනුබද්ධිතව නෝර්වේ විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතා අතින් නිල වශයෙන් විවෘත කෙරුණා.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ගැටුම පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් සිදුවී ඇති පර්යේෂණ හා ප්‍රකාශන විශාල වශයෙන් පවතින අතර 2002 ජනවාරි සිට 2008 ජනවාරි දක්වා කාලය තුළ සාම ක්‍රියාවලියට අදාළ විශාල ලේඛන සංග්‍රහයක් සාම මහ ලේකම් කාර්යාලයේ නඩත්තු කර තිබෙනවා.

මෙයට අමතරව මැදිහත්කරුවන් වශයෙන් කටයුතු කළ නොර්වේ රාජ්‍යය සතුව ද ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියට සම්බන්ධ ලේඛන එකතුවක් පවතින අතර මෙම සියලු තොරතුරු හා දත්ත එකම ස්ථානයක සංවිධානාත්මකව රැස් කර ආරක්ෂා කරන සම්පූර්ණ ගබඩා මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කිරීම පාත්ෆයින්ඩර් පදනමේ අරමුණයි.

Share