ශ්‍රී ලංකාවෙන් තරුණියන් ‘ආනයනය’ පිළිබඳ ප්‍රකාශයක් කළ නිලධාරියෙකු පක්ෂයෙන් නෙරපා හරින ලදී

දකුණු කොරියානු රාජ්‍යයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා වියට්නාමයෙන් හෝ ශ්‍රී ලංකාවෙන් තරුණියන් ආනයනය කිරීමට යෝජනා කළ දකුණු කොරියානු නිලධාරියෙකු ඔහුගේ පක්ෂයෙන් නෙරපා හැර තිබෙනවා.
ඒ අනුව, කිම් හී සූ නෙරපා හැරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු ජින්ඩෝ ප්‍රාන්තයේ ප්‍රධානී කිම් හී-සූ, පසුගිය සතියේ ප්‍රකාශ කලේ, දිනෙන් දින පහල වැටෙන කොරියානු උපත් අනුපාතය ඉහළ දමා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් හෝ වියට්නාමයේ කන්‍යාවන් ආනයනය කර එම කාන්තාවන් ග්‍රාමීය ප්‍රදේශවල තරුණ පිරිමින්ට විවාහ කර දිය හැකි බවයි.
දකුණු කොරියාව ලෝකයේ අඩුම උපත් අනුපාතිකයන් ඇති රටක් වන අතර මේ නිසා රටේ මිලියන 50 ක් වන ජනගහනය වසර 60 ක් තුළ අඩකින් පහත වැටෙනු ඇති බවට වාර්තා පළ වනවා.

Share