ශ්‍රි ලංකාවට ලෝක බොක්සිං සංගමයේ නිල සාමාජිකත්වය හිමිවී තිබෙනවා.
ලෝක බොක්සිං සංගමය සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සිය සංගමයේ නිල සාමාජිකත්වය පිරිනැමූ බව නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව බොට්ස්වානා, උතුරු කොරියාව, ගිනියාව, ලැට්වියාව, මාෂල් දූපත්, නැමීබියාව, නාවුරු, පැරගුවේ, ටජිකිස්තානය, උරුගුවේ සහ වියට්නාමය යන රටවලට සමාජිකත්වය පිරිනැමූ බව ලෝක බොක්සිං සංගමය පවසනවා.
නව සාමාජික රටවල් සමග ලෝක බොක්සිං සංගමයේ සාමාජිකයින් සංඛ්‍යාව 158ක් දක්වා ඉහළ යනු ඇති.





