ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් වෙතින් රුපියල් මිලියන 20ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනය ද රුපියල් මිලියන 20ක මූල්‍ය පරිත්‍යාගයක් කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනයේ සභාපති එම්. සෙල්වරාජ් මහතා විසින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙනු ලැබුවා.

Share