එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා ජනතාව ආකර්ෂණය කරගත් සාම පා ගමනේ යෙදෙන බෞද්ධ භික්ෂූන් වහන්සේට අවසන් දිනයේ දී දානය පිළිගන්වා ඇත්තේ වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙහෙය වීමෙන්.
ජාතික එක්සත් මෙතෝදිස්ත දේවස්ථානයේ පැවැති එම දානය වොෂින්ටන් ඩී.සී., මේරිලන්ඩ් සහ වර්ජිනියා යන ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කර තිබුණා.





