වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ මහතාට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමේ චෝදනාව මතයි.
ඒ අනුව ඔහු භාරයේ රජය සතු දේවල් තිබේ නම් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විසින් නියම කරන අයෙකුට භාරදිය යුතු වන අතර, වැඩ තහනම්ව සිටින කාලය තුළ දිවයිනෙන් බැහැරව නොයා යුතු බවට මෙන්ම පදිංචි ස්ථානයේ වෙනසක් සිදු වන්නේ නම් එයද දැනුම් දිය යුතු බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ සම්බන්ධයෙන් විදිමත් විනය ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද අදාළ ලිපියේ සදහන් වනවා
කෙසේවෙතත් සුප්‍රීම් නිව්ස් අප කල විමසීමකදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ ,විනය පරීක්ෂණයකට යටත්ව තමාගේ වැඩ තහනම් කර ඇති බවයි .
මේ අතර පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පල වුණා.





