වෙනිසියුලාවේ තවත් ඉන්ධන ප්‍රවාහන නැවක් ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට

වෙනිසියුලාවෙන් පිටත්ව ගිය තවත් ඉන්ධන ප්‍රවාහන නැවක් ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබ තිබෙනවා.
මෙම මාසයේ දී ඇමරිකාව වෙනිසියුලානු ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සිය භාරයට ගත් තෙවැනි අවස්ථාව මෙයයි.
මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ නෞකා එක පිට එක අත්අඩංගුවට ගැනීම හරහා මදුරෝ පාලනය වෙත එල්ල කරන බලපෑම තීව්‍ර කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
වෙනිසියුලානු බොරතෙල් විශාලතම ගැනුම්කරු චීනය වන අතර එය එහි ආනයනයෙන් 4%ක් පමණ වනවා.
සම්බාධක යම් කාලයක් පැවතුනහොත්, දිනකට බොරතෙල් බැරල් මිලියනයකට ආසන්න සැපයුමක් අහිමි වීම මත ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට ඉඩ ඇතැයි ද විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

Share