වෙනිසියුලානු ඉන්ධන නෞකාවක් අමෙරිකානු හමුදා භාරයට

අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයේදී තෙල් නෞකාවක් ඊයේ අත්අඩංගුවට ගැණුනා.
එය මෙතෙක් අමෙරිකානු හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම තෙල් නෞකාව බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.
එම තෙල් නෞකාව වෙනිසියුලාවෙන් සහ ඉරානයෙන් අනුමත කළ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් බව නීතිපති පෑම් බොන්ඩි ධවල මන්දිරයේදී මාධ්‍යයට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලාවට අයත් තෙල් නෞකාව අත්අඩංගුවට ගැනීම හෙළා දකින බවට එරට රජය ප්‍රකාශ කර ඇති අතර, එරට ජනාධිපති නිකොලස් මදුරෝ එය ජාත්‍යන්තර මුහුදු කොල්ලකෑමක් ලෙස හැඳින්වූ බව ද වාර්තා වනවා.
මේ අතර වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කරන බව කියන තවත් නැව් හයකට ඇමරිකාව විසින් නව සම්බාධක පනවා තිබෙනවා.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් වාර්තාකරුවන්ට සදහන් කලේ, ස්කිපර් ලෙස හඳුන්වන අත්අඩංගුවට ගත් යාත්‍රාව “නීති විරෝධී තෙල් ප්‍රවාහනයකට” සම්බන්ධ වී ඇති අතර එය ඇමරිකානු වරායකට ගෙන යන බවයි.

Share