මෙරට වයස අවුරුදු 30ත් 50ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝග වැළදීමේ ප්‍රවණතාවක් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ වයස අවුරුදු 50න් ඉහළ පුද්ගලයින් හට මීට පෙර එම පිළිකා රෝග වැළදීමේ ප්‍රවණතාවක් පැවති බවයි.





