වී වගාව සඳහා පමණක් යූරියා පොහොර

වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ගොවීන් වගා කරනු ලබන භූමි ප්‍රමාණය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
මේ අතර QR කේතයකින් තොරව වී අස්වනු නෙලීම සඳහා ඉන්ධන ලීටර් 15ක් හා බිම් සකස් කිරීම සඳහා ඉන්ධන ලීටර් 30ක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමඟ බොරතෙල් පිරිපහදු ක්‍රියාවාලිය අඩාල වීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් වන යූරියා පොහොර නිෂ්පාදනය ද සීමා වී තිබෙනවා.
එමෙන්ම නාවික ගමනා ගමන ගැටලු හේතුවෙන් පොහොර ආනයනයට ද එල්ල වී ඇත්තේ බාධාවක්.
එවන් පසුබිමක රට තුළ ඇති පොහොර තොගය සීමිත වීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒවා ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් නිකුත් කෙරෙනු ඇති. මේ අතර කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉදිරියේදී නව QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද නියමිතයි. මේ අතර නීති විරෝධී ආකාරයෙන් ඉන්ධන තොග රැස්කරන පුද්ගලයින් සොයා වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙන බව පොලිසිය පවසනවා.

Share