වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 6,000ක පමණ අරමුදල් භාවිත කරමින් වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී මිලට ගත් වී තොග මෙලෙස වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.
මේ අතර හිටපු කතානායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අතින් සිදුවූ රිය අනතුර සහ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ද අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් දැඩිව ප්‍රශ්න කළා.





