වීදි සුනඛයින් ඉහළට

වර්තමානයේ මෙරට තුළ සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පෙන්වා දෙනවා.
මෙරටින් වසරකට සුනඛ සපා කෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ඔවුන් පවසනවා.
සංගමයේ නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළේ මෙතෙක් නිසි සංගණනයක් සිදු නොවුනමුත් වීථි සුනඛයින් ලක්ෂ 20-30ත් ප්‍රමාණයක් ලංකාවේ සිටින බවට අනුමාන කෙරෙන බවයි. මේ වන විට මෙරට තුළ සෑම පුද්ගලයින් 08 දෙනෙකුටම එක් සුනඛයෙකු බැගින් වන ආකාරයට සුනඛ ගහණය වැඩිවෙමින් පවතින බව සත්ත්ව සුබසාධක සංගමය පවසනවා.
පවතින තත්ත්වය අනුව නගර ආශ්‍රිතව මෙන්ම ගම්බදව අයාලේ යන සුනඛ ගහනය වැඩි වීමෙන් ඉදිරියේදී ගැටලු රැසක් ඇතිවිය හැකි බව එම සංගමය පෙන්වා දෙනවා.
මෙම පසුබිම තුළ අයවැය මගින් රුපියල් මිලියන 100ක් වෙන් කර සුනඛ අනාථාගාර හෝ සුනඛ ආදාහනාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම කිසිසේත්ම සාධනීය පියවරක් නොවන බව එම සංගමයේ විශ්වාසයයි.
වසරකට සුනඛ සපා කෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තාවන බව සත්ත්ව සුබසාධක සංගමය කියයි.

Share