ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වුණා. ඇෆ්ගනිස්තානය කඩුලු පහකින් පරාජය කිරීමට නවසීලන්තය සමත් වූ අතර නේපාලයට එරෙහි තරගය එංගලන්තය ජය ගත්තා.
චෙන්නයි චිදම්භරම් ක්රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 182ක් රැස්කර ගත්තා.
ගුල්බදීප් නයිබ් වේගවත් ලකුණු 63ක් රැස් කළා.
ලකුණු 183ක ඉලක්කයක, නවසීලන්තය පන්දුවාර 17යි පන්දු 5ක් තු්ල සපුරා ගත්තා.
ටිම් සයිෆර්ට් ලකුණු 65යි.





