විස්සයි විස්ස තරගයේ ලකුණු 90ක ජයක් පාකිස්තාන කණ්ඩායමට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 90කින් ජයගැනීම පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 198 ක් රැස්කරගත්තා.
එහිදී නායක සල්මන් අග්හා ලකුණු 76ක් සහ උස්මන් ඛාන් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 15.4ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 108ක් පමණයි.
අබ්රාර් අහමඩ් සහ ශබ්දාබ් ඛාන් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.
මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

Share