විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අද තංගල්ල මහජන ක්‍රීඩාංගනයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.
මෙරට තරුණ ප්‍රජාවේ ජීවිත අවදානමට ලක් කරන විෂමත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම අරමුණු කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.





