මේ අතර මෙරට විවිධ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකයන් ‘IQAir’ වෙබ් අඩවියට අනුව ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමක පවතින බව අද පෙරවරු 10ට පමණ දක්වා තිබෙනවා.
ඒ අනුව හලාවත,අනුරාධපුර,පුත්තලම,ත්‍රිකුණාමලය,මන්නාරම,කිලිනොච්චිය,මුලතිව්,යාපනය යන ප්‍රදේශ ‘IQAir’ වෙබ් අඩවියේ රතු පැහැයෙන් නිරූපණය කර තිබෙනවා.
එහිදී ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමක වායු තත්ත්ව දර්ශකය පැවතුණේ හලාවත ප්‍රදේශයෙන් වන අතර එම අගය 175ක්.
මේ අතර අද දිනයේදී ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.





