විරෝධතා මැද ජාතිය ඇමතූ කමේනී

“ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ දෑත් ඉරාන වැසියන් දහසකට වැඩි පිරිසකගේ රුධිරයෙන් කිළිටි වී ඇති බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පවසනවා.
ඉරානයේ ඇවිළ යන විරෝධතා ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කෙටි දේශනයක් පැවැත්වූ කමේනි පැවසුවේ විදේශීය බලවතුන්ගේ කුලී හේවායන් ලෙස ක්‍රියා කරමින් ඉරනගේ විරෝධතා දක්වන පුද්ගලයින් ඉස්ලාමීය ජනරජය නොඉවසන බවයි.
උඩඟු ට්‍රම්ප් පාලනය පෙරළා දමන බවට අනතුරු ඇඟවූ ඉරාන අධ්‍යාත්මික නායකයා, පාරාවෝ, නිම්රොද්, රේසා ඛාන් සහ මොහොමඩ් රේසා වැනි ලෝකයේ අහංකාරයින් ඔවුන්ගේ අහංකාරයේ උච්චතම අවස්ථාවේදී ජනතාව එක්ව පෙරලා දැමූ බව ට්‍රම්ප් දැනගත යුතු බව ද සඳහන් කළා.

Share