දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය සහ එහි කැඳවුම්කරු විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයේ දෙවැනි දිනය අදයි.
ඔවුන් ඊයේ පෙරවරුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගන්නා ලෙස සහ හරිනි අමරසූරිය මෙනවියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින්.
විමල් වීරවංශ මහතා කැඳවුම්කරු ලෙස කටයුතු කරන “දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය ඊයේ පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ඉසුරුපාය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට ඊයේ රාත්‍රියේ කලා ශිල්පීන් කිහිපදෙනෙක්ද පැමිණියා. කෙසේවෙතත් ඊයේ රාත්‍රී 12 ට පමණ විමල් වීරවංශ මහතා සත්‍යග්‍රහය පැවැත්වුණු ස්ථානයෙන් නැගිට යනු දක්නට ලැබුණා. මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් අද ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.





