දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට ලබාදෙන රුපියල් 25000 සහ 50000 දීමනාව මෙන්ම පාසල් සිසුන් සඳහා ලබාදෙන රුපියල් 15000 දීමනාවද මෙම වසර අවසන්වීමට පෙර ගෙවා අවසන් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී එම මධ්‍යස්ථානය සඳහන් කළේ රුපියල් 25,000 දීමනාව සඳහා සුදුසුකම් ලැබූ පවුල් 456,846 දෙනෙකු අතරින් පවුල් 372, 442කට එම මුදල ගෙවා අවසන් බවයි.
මේ අතර දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ රැසක ජනතාව විනාශයට පත් ප්‍රදේශවල පාලම් හා මාර්ග හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.
මේ අතර ලබන 29 වැනිදා සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.





