විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මිට ඇප

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා රුපියල් ලක්ෂ 20 ක් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියම කළා.
මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහල ලබා දී ඇති වෛද්‍ය වාර්තා වල සඳහන් රෝගී තත්ත්වය පිළිබඳ කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවා.

Share