රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 88,000 ක් අඩංගු කාටූන් 440 ක්, ගමන්මළු තුළ සඟවා මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කල ශ්‍රී ලාංකිකයෙක් සහ චීන ජාතිකයන් තිදෙනක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ශ්‍රී ලාංකිකයා කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර චීන ජාතිකයන් කොළඹ “පෝර්ට් සිටි “ව්‍යාපෘතියෙහි සේවයේ නිරත කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.
නීති විරෝධීව ගෙනා රුපියල් මිලියන 1.3ක දුම්වැටි තොගයක් අල්ලයි
විදෙස් දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලංකිකයෙක් සහ චීන ජාතිකයන් තිදෙනක් අත්අඩංගුවට





