රුපියල් විසි ලක්ෂ තිස් අට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ බීඩි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගත්තා.
ගමන් මලු 04 ක් තුළ භාණ්ඩ අතර සගවා ගෙන , මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 12,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 60 ක් සහ සෙයියදු බීඩි 23,800 ක් අඩංගු බීඩි බණ්ඩල් 19 ක් ද මෙලෙස සොයා ගනු ලැබුවා





