විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනෙකු විසින් මිනිස් ඝාතන සඳහා යොදා ගත් ගිනිඅවි තුනක් සොයා ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වී තිබෙනවා
මෙලෙස සොයාගෙන ඇත්තේ බෝධිය වත්තේ අවිශ්ක සහ චූව සමන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනාගේ ගිනි අවි තුනක් .
මේ සමග ඔවුන්ගේ අනුගාමිකයින් සිව්දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ගිනි අවි අතර ඉකුත් තිස් වැනි දා කොහුවල දී 16 හැවිරිදි තරුණියට වෙඩි තැබූ ගිනිඅවියද ඇති බවයි පොලිසිය සඳහන් කළේ





