විදෙස් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳ පසු විපරම් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඇමෙරිකානු තීරුබදු පැනවීමෙන් පසු උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරි දින 16 සනිටුහන් කිරීමේ ගෝලීය ව්‍යාපාරය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ නිල ලාංඡනයක් පැළඳවීම සිදුකෙරුණා.
මේ අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයට අයත් වැය ශිර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අද පැවැත්වෙනවා.





