ගාල්ල ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයා සහ පාසලේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාසල් ක්‍රීඩා උත්සවය සඳහා එකතු කළ මුදල් අක්‍රමවත් ලෙස භාවිත කිරීම සහ අධ්‍යාපන කටයුතු නිසි පරිදි නොවීම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් පෙරේදා පැවති පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ පසුව මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ජාත්‍යන්තර පාසලේ පෙරේදා දිනයේ දී පැවති පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයෙන් අනතුරුවයි පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් සහ විදුහල්පතිවරයා අතර මෙම ගැටුම සිදුව ඇත්තේ.
මෙම ගැටුමෙන් එම ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් පොලිසිය සඳහන් කළා.
පාසල් ක්‍රීඩා උත්සවය සඳහා එකතු කළ මුදල් අක්‍රමවත් ලෙස භාවිත කිරීම සහ අධ්‍යාපන කටයුතු නිසි පරිදි නොවීම, සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීම ඇතුළු ගැටලු මුල් කර ගනිමින් මෙලෙස පාසලේ ළමයින්ගේ මාපියන් විසින් මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පාසලේ අවිධිමත් අධ්‍යාපනය විධිමත් කරන ලෙස බලපෑම් කරමින් පසුගියදා එම පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පවැත්වුනා.
මේ සම්බන්ධයෙන් මීට පෙර ද එම පාසලේ දෙමාපිය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය විසින් පවතින ගැටලු සම්බන්ධයෙන් ගැටුමක් ඇතිවීමට පෙර විසඳුමක් ලබා දෙන ලෙස ලිපියක් ද යොමුකර තිබූ බවයි වාර්තා වන්නේ.





