විදුලි ගාස්තු 11.57% කින් නැඩි කිරීමේ යෝජනාවට ට විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ විරෝධය

විදුලි සේවකයින්ට ගෙවීමට නියමිත වන්දි මුදලත් විදුලිය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීම බලවත් අසාධරණ බව විදුලිය පාරිභෝගිකයින්ගේ සංගමය පෙන්වා දෙනවා.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා.
එම සංගමය පෙන්වා දෙන්නේ විදුලිය සඳහා වැයවන පිරිවැය ගණනය කිරීමේ නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

මේ වසරේ පළමු කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.
මෙම යෝජනාව මඟින් 11.57 %කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට මණ්ඩලයේ අපේක්ෂාවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ සේවකයින්ට ගෙවනු ලබන වන්දි මුදල පවා විදුලිය පාරිභෝගිකයින්ගේ අය කිරීමට ගන්නා උත්සහයට විරෝධය පළ කරන බවයි. මේ අතර, දේශපාලනඥයින් ද විදුලි බිල යළි ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පල කළා.

Share