විදුලිබල මණ්ඩලය ඈවර කිරීම

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් මේ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව දැනුම් දී අති බවයි වාර්තා වන්නේ.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරි මාස 03 සඳහා විදුලි බිල 11.05%කින් වැඩිකිරිමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසමට ලබා දී ඇති බව එහි හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව මෙම දැනුම්දීම පසුගිය දෙසැම්බර් 30 වැනිදා දින සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාලව මෙම වැඩපිළිවෙළ පසුගිය වසරේදී අවසන් කිරිමට නියමිතව තිබුණද හටගත් ආපදා තත්ත්වය හේතුවෙන් මෙය ප්‍රමාද වු බවයි වාර්ථා වන්නේ
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සමාගම් 06ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය සතු සියලු වත්කම් ක්‍රමානුකූලව අදාළ සමාගම් වෙත පැවරීමට කටයුතු කරමින් පවතින අතර එම සමාගම්වලට කාර්යමණ්ඩලය යොමු කිරීම ද මේ වනවිට සිදුකරමින් පවතිනවා.
මේ සඳහා අකමැති සේවකයින්ට සිය කැමැත්තෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ද ලබා දී ඇති අතර ඒ අනුව සේවකයින් 2,173 දෙනෙක් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර තිබෙන බවයි වාර්ථා වන්නේ.
මේ අතර ඔවුන්ට අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු ද පෙබරවාරි මස පළමු සතිය තුළ අවසන් කරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කරණු ඇති.
කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩල නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කලේ විදුලි සේවකයන් 2,173 ක් විශ්‍රාම යන්නේ කැමැත්තෙන් නොව උද්ගතව ඇති තත්ත්වය තුළ ඔවුන්ට ඇති අවිශ්වාසය සහා කළකිරිම මත බවයි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය නව ජාතික සේවක සංගමයේ ලේකම් අජිත් දේවප්‍රිය මහතා පවසන්නේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමට විදුලිබල සේවකයින් කිසිවෙකු විරුද්ධ නොමැති බවයි.
කෙසේ වෙතත් එම ප්‍රතිව්‍යුහගත කිරිමෙිදී සේවක වත්කම් නියමාකාරයෙන් කළමණාකරණය කර සිය වෘත්තිය සමිති සමඟ සේවකියන්ගේ බඳවා ගැනීම් සිදුකෙරෙන අකාරය පැහැදිලිව සාකච්ඡා කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

මේ අතර ලංකා ඉදිරි මාස 03 සඳහා විදුලි බිල 11.05%කින් වැඩිකිරිමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසමට ලබා දී ඇති බව එම කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදුලිබල මණ්ඩල සේවකයින් 2500කට ආසන්න පිරිසට ස්වෙඡ්ඡා විශ්‍රාම ගැන්වීමේ දී ගෙවීමට නියමිත රුපියල් බිලියන 13 ක පමන මුදල මේ හරහා මහජනතාවගෙන් අය කර ගැනීම මෙහි පරමාර්ථය බවයි.

Share