කොහුවල බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකල වෙඩි තැබීමකින් තරුණියක් තුවාල ලබා ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එය අසල නිවසක සිට එම නිවසට පැමිණි මෙම තරුණිය ට වැදී ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෙම තරුණිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සදහන් කරනවා.
ඇය බෝධියවත්ත, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව ද පොලිසිය සදහන් කළා.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා රිවෝලවර වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
පොලිසිය සදහන් කරන්නේ කොහුවල බෝධියවත්තේ පදිංචි රංජිත් කුමාර මධුවිතගේ පාර්ශවයේ නැමැත්තෙක් ඉලක්ක කරගෙන මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මෙම තැනත්තා සහ බඩෝවිට අසංකගේ සමීපතමයෙන් වන අවිශ්ක ඒෂාන් යන අය මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ දී ඇති වූ මුදල් ආරවුලක් මෙම වෙඩි තැබිමට හේතු වී ඇති බවයි පොලිසිය සිදුළ විමර්ශන වලින් හෙලි ඇත්තේ.
මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරමින් සිටියදී මිරිහාන පොලිසිය පසුගිය 21 වන දින රංජිත් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.





