විදුලි සේවකයින් හෙට දහවල් 12 සිට පැය හයක සංකේත වැඩවර්ජනයක

අද දහවල් 12.00න් පසු සේවකයින් තීරණය කරන ඕනෑම මොහොතක නැවත දැනුම්දීමකින් තොරව වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණවන බව විදුලිබල මණ්ඩල ඒ්කාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවනවා.
අද කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින් විදුලිබල මණ්ඩල ඒ්කාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නේ තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් කිසිවකට මෙතෙක් සාධනීය විසඳුමක් ලැබී නොමැති බවයි

ශ්‍රි ලංකාව සතුව තිබූ දැවැන්තම රාජ්‍ය ව්‍යුහයක් වූ ලංකා විදුලිබල මණ්ඩලය, ප්‍රතිව්‍යුහගත කරමින්, එය සමාගම් 06කට වෙන් කිරීමට ඉකුත් රජය තීරණය කළේ විදුලි බල මණ්ඩලයේ මෙන්ම මෙරට සමස්ත වැඩ කරන ජනයාගේ දැඩි විරෝධය මධ්‍යයේයි.
කෙසේ නමුත් ඉකුත් රජය ගෙන ආ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සුළු සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය ද පියවර ගත් අතර, නව සමාගම් 06, ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
කෙසේ නමුත් එම ගැසට් නිවේදනය නිකුත් කිරීම මෙන්ම ඊට පෙර සේවකයින්ට ලබාදීමට නියමිතව තිබූ සේවක සුරක්ෂිත ‍බව තහවුරැ කිරීමේ සාමුහික ගිවිසුම් ද යළි යළිත් කල් යමින් තිබෙනවා.
ඊට අදාළ ඉල්ලීම් 08ක් ඇතුළත් ලිපියක් පසුගිය ජනවාරි 21 වැනිදා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති මගින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්වයන්ට යොමුකර තිබුණා.
කෙසේ නමුත් එම ඉල්ලීම් සම්බන්ධයෙන් මේ දක්වාමත් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලබාදීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන නැතැයි අද කැඳවූ මාධ්‍ය හමුව අමතමින් වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නේ

Share