වාහන ආනයනය මත අප්‍රේල් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිත සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ හේතුවෙන් මිල ඉහළ යන බවට පළවන තොරතුරු අසත්‍ය බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මේ දක්වාමත් එම බද්ද වාහන අලෙවියේදී අයකළ බවත්, වරායේදීම එම බද්ධ අයකරගැනීමෙන් බදු අක්‍රමිකතා සහ වංචාකිරිම් අවම වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංගමයේ සභාපති ඉන්දික මෙරෙන්චිගේ මහතා මේ බව සඳහන් කළා.





