මඩකලපුව වාලච්චේන නගරයට කඩා වැදුණු වන අලියෙකු කළ පහර දීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඥාති නිවසට පැමිණ සිටි කොළඹ පදිංචිකාරිනියක්. අද අලුයම් කාලයේ ඔට්ටමාවඩි සහ වාලච්චේන ප්‍රදේශවලට වන අලියෙකු කඩා වැදීම නිසා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. එලෙස කඩා වැදුණු වන අලියා වාලච්චේන ප්‍රධාන වෙළඳපොළ අවට සැරිසරන අයුරු මෙලෙස දක්නට ලැබුණා.
වන අලියා පුද්ගලයින් කිහිප දෙනෙකුට පහර දී තිබුණේ එම අවස්ථාවේ දී.
එහි දී පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබූ අතර, වාලච්චේන ප්‍රදේශයේ තම ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටි කාන්තාවක් වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබු අනෙකුත් තිදෙනා වාලච්චේන මූලික රෝහලට ඇතුළත් කරන ලද අතර, එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
පහරදීමෙන් පසු වන අලිය පැමිණ තිබුණේ නගර මධයේ පිහිටි වාලච්චේන දමිල විද්‍යාලයේ ක්‍රීඩා පිටියට දෙසටයි.





