ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 46ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා පවසනවා.
එසේම මහකණදරා වැවේ වාන් දොරටු දෙක අඩි හතර බැගින් විවෘත කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ හෙට දිනයේ දීත් ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බවයි.
පවතින ඊසාන දිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිවයිනේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බොහොමයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ අතර ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැළන්කන්ද තැන්නහේන ප්‍රදේශයේ නිවාස හතක් පුපුරා ඉරිතලා ගොස් ඇති බව ජනතාව පවසනවා.
මේ පිළිබඳව ගම්වාසීන් ඕපනායක ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රදේශීය ලේකම්වරයා විසින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙ නිලධාරින් එම ස්ථානයට යොමු කර තිබෙනවා
මේ අතර අංකුඹුර උඩවත්ත ප්‍රදේශයේ නයා යාමේ අවදානම හේතුවෙන් ඉවත්කෙරුණු වතු නිවාසවල ජනතාවට යළිත් එම නිවාසවල පදිංචියට ගොස් සේවයට පැමිණෙන ලෙසට වතුපාලන අධිකාරිවරයා දැනුම් දී තිබෙනවා.
ජනතාව පවසන්නේ නිවාස සියල්ලම ඉරිතැලි ඇති බැවින් එහි ජීවත්වීම අවදානම් බවයි.
එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දත්ත මත පදනම්ව අර්ධ හානි සිදු වූ නිවාසවල අවදානමක් නොමැති නම් ජනතාව යළි පදිංචි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
ඇතිවූ ගංවතුර තත්ත්වයය හේතුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම යටවූ මල්වතු ඔය දෙපස අනුරාධපුර- යසසිරිපුර හා පුබුදුපුර ප්‍රදේශවල පදිංචිකරුවන්ට කිසිදු සහනාධාරයක් මෙතෙක් නොලැබුණු බවට එම ජනතාව මැසිවිලි නඟනවා.





