කළුතර වාඩියමංකඩ සහ කොළඹ ජින්තුපිටිය ප්‍රදේශවල රාත්‍රී කළ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
මෙි අතර අකුරේගොඩ දී නීතිඥයෙකු සහ බිරිඳ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය ගිනි ගනිමින් තිබියදී ගාල්ල බද්දේගමදී පොලිසිය සොයා ගත්තා.
ඊයේ රාත්‍රී 7.45ට පමණ ජින්තුපිටිය වරකාහන්දිය අසන්නයේ මහල් ගොඩනැගිල්ලක පිහිටි සැලූනයක් තුළ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ඉලක්කකර නානඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඇතැයි පොලිසිය පැවසුවා. වෙඩි වැදීමෙන් එක් අයෙක් මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුවුණා. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. තුවාලකරුවන් දෙදෙනෙකු සැත්කමකට භාජනය කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.
වෙඩි තැබිම සදහා ටී – 56 ගිනි අවියකින් යොදාගෙන ඇතැයි සැලකෙනවා.
පොලීසිය පැවසුවේ වෙඩිවැදී මියගොස් ඇත්තේ අවුරුදු 20ක් වූ මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්අ වුරුදු 19, 27 සහ 28 වයස්වල පසුවන තුවාල ලැබූවන් සිලාවතුර සහ ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන්. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.





