ව්‍යවසායකයන්ට 3% ණය යෝජනා ක්‍රමයක්

එමෙන්ම ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ආපදා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ යටතේ ව්‍යවසායකයන් 130,000කට පමණ ක්ෂණික සහ මධ්‍ය කාලීන මූල්‍ය සහන ලබාදීමේ ක්‍රියාමාර්ග හඳුන්වාදීමට අපේක්ෂිතයි.
යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා රුපියල් 250,000ක සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලක්ෂ 10ක උපරිමයකට යටත්ව මාස 6ක උපරිම සහන කාලයක් සහිතව අවුරුදු 3ක කාල සීමාවක් සඳහා අවශ්‍ය අරමුදල් සපයනු ඇති.
ණය යෝජනා ක්‍රමයේ වාර්ෂික පොලී අනුපාතය සියයට 3ක්.

මේ අතර ආපදා හේතුවෙන් උද්ගතවු අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩිජිටල් ඉගෙනුම් වේදිකා ශක්තිමත් කිරිමට පියවර ගෙන තිබෙනවා.
සිසුන්ට ඕනෑම ස්ථානයක සිට විෂය කරුණු සහ පසුගිය ප්‍රශ්න පත්‍ර වෙත ප්‍රවේශ වීමට හැකි වන පරිදි, ජාතික ඉලෙක්ට්‍රොනික ඉගෙනුම් වේදිකාව වන ඊ-තක්සලාව (E-thaksalawa) සඳහා ප්‍රවේශය වීම වැඩි දියුණු කර තිබෙන බව එම අමාත්‍යංශය සඳහන් කළා.

Share