විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වසර 12කට පසු ඓතිහාසික ජයග්‍රහණයක් ලබන්නට නේපාල කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ ස්කොට්ලන්තය පරදා කඩුළු 07ක ජයක් වාර්තා කරමින්.
මෙවර t20 ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.
මේ තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුනා.
කාසියේ වාසිය දිනාගත් නේපාල නායකයාගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 170ක් රැස් කළා.
ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මයිකල් ජෝන්ස් පන්දු 45කදී ලකුණු 71ක් ලබා ගත්තා
පන්දු යැවීමේදී නේපාලයේ සෝම්පාල් කාමි ලකුණු 25කට කඩුලු 3ක් බිඳ දැමුවා.
ලකුනු 171ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නේපාල කණ්ඩායමට එම ඉලක්කය 20 වැනි පන්දු වාරයේ දෙවැනි පන්දුවේදී සපුරා ගැනීමට හැකියාව ලැබුණා
ඒ නේපාල කණ්ඩායමට විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 12කට පසු ලැබූ පළමු ජයග්‍රහණය හිමිකර දෙමින්.
නේපාල කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 171ක රැස් කර ගත්තේ ඔවුන්ගේ කඩුලු තුනක් පමණක් වැය කරමින්.
නේපාල කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මඟ පෑදු ආරම්භක පිතිකරුවන් යුගල වූ කෞෂාල් බර්තල් සහ ආසිෆ් ෂෙයික් පළමු කඩුල්ලට ලකුණු 74ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගුවා.
ඉන් අනතුරුව ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ දිපේන්ද්‍ර සිං අයිරී ලකුණු පනහක් රැස් කර ගත්තේ පන්දූ විසි තුනක් පමණක් වැය කරමින්.
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරග තුනක් අද පැවැත්වෙනවා.
ඉන් පළමු තරගය දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි ඒමීර් රාජ්‍යය අතර මේ වන විට දිල්ලි නුවරදී පැවැත්වෙනවා.අනෙක් තරග පාකිස්ථානය සහ නැමිබියාව අතරත්, ඉන්දියාව සහ නෙදර්ලන්තය අතරත් පැවැත්වීමට නියමිතයි.





