වසරේ ගත වූ පළමු දින 9 තුළදී ඩෙංගු රෝගීන් 2420ක් වාර්තා වන අතර වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ 1317 ක වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර වසර 17 ක පර්යේෂණයකින් පසු ඉන්දියාවේ ප්‍රථම දේශීය ඩෙංගිඕල් ඩෙංගු එන්නත අවසන් අදියරේ පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.





