වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ තනතුර ASP ඕලුගලට

සංවිධානාත්මක අපරාධකරුවන් සහ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසක් සිදුකළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා.

ඔහු දැනට දරණ තණතුරට අමතරව විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවරණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනවා.

Share